pakistan-zimbabwe-cricket-series

සංචාරක සිම්බාබේ කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරගාවලිය ඒ ආකාරයෙන්ම ඉදිරියට පවත්වාගෙන යාමට දෙරටේ ක්‍රිකට් නියෝජිතයන් එකග වී තිබේ.

ඊයේ (29දා) පැවැති දෙවැනි එක්දින තරගය අතරතුර ගඩාෆි ක්‍රීඩාංගණයට කිලෝමීටරයකට පමණ ආසන්නයේ රික්ෂෝ රථයක අටවූ බෝම්බයක් පුපුරා ගිය අතර එයින් දෙදෙනෙකු මිය ගියේය.

මුලින්ම මෙය ටාන්ස්පොමරයක පිපුරුමක් බවට රාවයක් පැතිරගියත් පසුව එය බෝබ්බ පිපිරුමක් බවට හඳුනාගෙන තිබුණි.

මෙයින් අනතුරුව දෙරටේ ක්‍රිකට් නියෝජිතයන් සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව තරගාවලිය ඉදිරියට පවත්වාගෙන යාමට දෙපාර්ශ්වය එකඟ වී තිබේ.

කෙසේ නමුත් සිම්බාබ්වේ කණ්ඩායමේ ආරක්ෂාව තවදුරටත් තර කර තිබෙන අතර ඔවුන් ලාහෝරයේ සිදුකිරීමට නියමිතව තිබූ සාප්පු සවාරිය නතර කර තිබේ.

තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය 2-0ක් ලෙස පාකස්තානය ඉදිරියෙන් සිටින අතර අවසන් එක්දින තරගය හෙට පැවැත්වීමට නියමිතය.