ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල සැලකිය යුතු ප්‍රමාණයකින් මිල අඩුවී තිබේ.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ අද (19) බොර තෙල් මිල 1%කට වඩා වැඩි ගණනකින් අඩුවී ඇති බවය.

ඔපෙක් සාමාජිකයින් පසුගියදා ලෝක වෙළෙඳපොළට බොර තෙල් සැපයුම අඩුකළ අතර ඒ හේතුවෙන් බොර තෙල් මිල වැඩිවිය.

නමුත් චීන ආර්ථික වර්ධනය සම්බන්ධයෙන් මතුවී ඇති ගැටලු හේතුවෙන් ලෝක වෙළෙඳපොළ ට ඇතිවී ඇති බලපෑම හේතුවෙන් බොර තෙල් මිල අඩුවී ඇති බව සඳහන් ය.

බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල  ඩොලර් 75.83 දක්වාද වෙස්ට් ටෙක්සාස් (WTI) බොර තෙල් බැරලයක මිල ඩොලර් 71.02ක් දක්වාද අඩුවී තිබුණි.