ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යාමට ප්‍රතිචාර දක්වමින් ඖෂධ මිල සියයට 16කින් අඩු කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ට්විටර් පණිවුඩයක් ඔස්සේ ඊයේ සඳහන් කර තිබිණි.

ඒ අනුව, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි ඖෂධවල මිල ජූනි 15 වන දා සිට පහළ දැමීමට අවශ්‍ය පියවර ගන්නා බව ද එහි සඳහන් කර ඇත.

මේ සම්බන්ධයෙන් කඩිනමින් ඖෂධ මිල සංශෝධනය පිළිබඳ වාර්තාවක් විෂය භාර ඇමතිවරයාට ලබා දීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය සූදානම් බව ඖෂධ මිල පාලන ඒකකයේ උසස් නිලධාරියෙක් පැවසුවේ ය.