එක්සත් රාජධානියේ රීඩින්ග් ප්‍රදේශයේ දී පිහියෙන් ඇන තිදෙනෙක් ඝාතනය කළ පුද්ගලයා පිළිබඳ ව බුද්ධි අංශ පෙර දැන සිටි බව වාර්තා වේ.

සෙනසුරාදා (20) උද්‍යානයක් තුළ දී සිදු කළ පිහි ඇනුම් ත්‍රස්ත ක්‍රියාවක් ලෙස සැළකේ.

25 හැවිරිදි කයිරි සාදාල්ලා එදිනම අත්අඩංගුවට ගත් අතර පොලිසිය පැවසුවේ වෙනත් සැකකරුවන් ගැන සොයා බැලීමක් නොකරන බවය.

සැකකරු ලිබියාවෙන් සංක්‍රමණය වී ඇති අතර 2019 දී එක්සත් රාජධානියේ M15 බුද්ධි සේවය ඔහු ගැන අවධානයෙන් සිට ඇත.

කයිරි සාදාල්ලා විදෙස්ගත වීමට උත්සහ දරන බවට තොරතුරු හෙළිවීමත් සමගම බුද්ධි අංශ ඔහු කෙරෙහි අවධානයෙන් සිටි බව වාර්තා වේ.

ඔහු විදෙස්ගතවීමට උත්සහ දරන්නේ ත්‍රස්ත ක්‍රියා සඳහා දැයි සොයා බැලුව ද ඒ පිළිබඳ ව නිශ්චිත ව කිසිවක් හෙළි කර ගැනීමට බුද්ධි අංශ සමත් වී නැත.