2`2`2`2

1231231`3`13 21212121

ගම්පොල – පුපුරැස්ස – කලුගල්වත්ත ප්‍රදේශයට ඊයේ (17) රාත්‍රියේ වායු බැලූනයක් පතිත තිබෙනවා. රාත්‍රී 7.30 ට පමණ මේ පිළිබඳ වාර්තා වූ බවයි. මේ වනවිට එම වායු බැලූනය පොලීසිය වෙත ගෙනවිත් තිබෙනවා.
ගූගල් සමාගමේ නවතම ව්‍යාපෘතිය වන “LOON PROJECT”” හි සමාරම්භය සනිටුහන් කරනු ලැබූවේ ශ්‍රී ලංකාව කේන්ද්‍ර‍ කරගනිමිනි. ගුවන්ගත කරනු ලබන වායු බැලූනයක රඳවන ලද සන්නිවේදන උපකරණ මගින් සුවිශාල ආවරණ කලාපටකට අන්තර්ජාල පහසුකම් සැපයීම මෙම වෘපෘතියේ අරමුණ විය.
කෙසේ වෙතත් පළමු ගූගල් බැලුනය සාර්ථක වූ බවත් එය ආරක්ෂිතව ගොඩබැස්වූ බවත් තොරතුරු තාක්ෂණ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍ර‍නාන්දු මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසනවා.

 

2222222222222222222222222

 

ශ්‍රී ලංකාවට අමතරව  ඕස්ට්‍රේලියාව සහ ඉන්දුනීසියාවටද දකුණු ඇමරිකාවේ සිට මෙලෙස වායු බැලූන යවා ඇති බවයි වාර්තාවන්නේ.
පසුගිය 15දා දකුණු අමෙරිකාවේ සිට ගුවන්ගතකරනු ලැබූ පළමු වායු බැලූනය 16දා වනවිට ශ්‍රීලංකාවේ ගුවන්සීමාවට ලඟාවී තිබුණා.