බැඳුම්කර වාර්තාවේ සිංහල සහ දෙමළ පිටපත් ප‍්‍රසිද්ධ කිරීමෙන් පවතින තත්වයන්හි කිසිඳු වෙනසක් සිදු නොවන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී වජිර අබේවර්ධන පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ මේ වනවිට නිකුත් කර ඇති පිටපතෙහි ද අදාළ සියලූ තොරතුරු අන්තර්ගතව ඇති බවයි.

බැඳුම්කර වාර්තාවේ සිංහල සහ දෙමළ පිටපත් සති 02ක් ඇතුළත ප‍්‍රසිද්ධ කිරීමට ජනාධිපතිවරයා සිදු කර ඇතැයි කියන නියෝගය සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදීයි ඔහු මේ බව පැවසුවේ.

කොමිෂන් සභාවක් කිසිදු වාර්තාවක තොරතුරු සැගවීමක් සිදු නොකරන බවයි මන්ත‍්‍රීවරයා නෙත් නිවුස් වෙත කියා සිටියේ.

බැඳුම්කර වාර්තාවේ සිංහල හා දෙමළ පිටපත් සති 02ක් තුළ නිකුත් කරන්නැයි ජනාධිපතිවරයා අදාළ අංශ වෙත උපදෙස් ලබාදී ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම ඊයේ (27) ප‍්‍රකාශ කළා.

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන සඳහන් කළේ ඉදිරි සතිය තුළ මහ බැංකු වංචාවට සම්බන්ධ පුද්ගලයින්ගේ නම් ලැයිස්තුවක් හෙළි කරන බවයි.