17374152.cms

කට්ටඩියෙකු හා බාප්පා විසින් පාසල් දැරියක් දූෂණයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි මත ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා හොරොව්පොතාන පොලීසියේ ළමා කාන්තා කාර්යංශය විශේෂ පරික්ෂණයක් (12) ආරම්භ කර තිබේ. හොරොව්පොතාන පොලිස් වසමේ පදිංචි 13 හැවරිදි බාලවයස්කාර ශිෂ්‍යාවක් මෙලෙස අවස්ථා දෙකකදී ඇගේ බාප්පා සහ පිටස්තර ප්‍රදේශයකින් පැමිණ දේවාලයක් පවත්වාගෙන යන යකදුරෙකු විසින් මෙලෙස දූෂණයට ලක් කර තිබේ. හොරොව්පොතාන පොලිස් වසමේ පිහිටි විද්‍යාලයක විදුහල්පතිවරයා විසින් සිදුකල පැමිණිල්ලක් මත මෙම පරික්ෂණ ආරම්භ කර තිබේ.

2013 වසරේ පාසැල් ගොස් දැරිය නිවසට පැමිණ ඇති අතර ඒ අවස්ථාවේ නිවසේ දෙමාපියන් හෝ වෙනත් අයෙකු සිට නැති අතර ඇය කාමරයට වී පාසැල් නිළ ඇදුම මාරු කර වෙනත් ඇඳුමක් අඳිමින් සිටි අවස්ථාවේ දැරියගේ බාප්පා යැයි කියන පුද්ගලයෙකු පැමිණ ඇයව දුෂණයට ලක්කර ඇති බව පොලීසිය සඳහන් කරයි.
2014තෙවන පාසැල් වාරයේ පාසැල ආරම්භ වූ දිනයේ ප්‍රදේශයට පිටතින් පැමිණ දේවාලයක් පවත්වාගෙන යන යකදුරෙකු දැරිය රවටා අංජනමක් බලාදෙන බව පවසා ඊට මල් රැගෙන දේවාලය වෙත එන ලෙස දන්වා තිබේ. ඒ අවස්ථාවේ දැරිය මල් ද රැගෙන දේවාලයට ගොස් ඇති අතර යකදුර දේවාලයේදී දරුවා දුෂණයට ලක්කර තිබේ. ඔහු විසිනුත් මෙම සිද්ධිය කිසිවෙකුටවත් නොපවසන ලෙසට දැරිය බියගන්වන්නට ඇති බව පොලීසිය සැක පහල කරයි. වින්දිත දැරියගෙන් අදාළ සිද්ධිය පිළිබඳව තොරතුරු සටහන් කරගෙන ඇය අධිකරණ වෛද්‍යවරයෙකු වෙත යොමු කිරීමෙන් අනතුරුව දුෂණය ලක්ව ඇති බවත් , ඇය ගැබ්ගෙන නොමැති බව තහවුරු වී ඇතැයි පොලීසිය පවසයි.