බ්‍රිතාන්‍ය අගමැති තවමත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර ඔහුගේ තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව බ්‍රිතාන්‍යය මුදල් අමාත්‍යවරයා පවසයි.

මේ අතර, එංගලන්තයේ වැඩිහිටියන්ට ප්‍රතිකාර කිරීමේ විශේෂඥ වෛද්‍යවරයකු වන ඇන්ටන් සෙබස්තියන්පිල්ලෙයි කොවිඩ් -19 වැළඳීමෙන් මියගොස් තිබේ.

70 හැවිරිදි වියේ පසුවූ වෛද්‍ය ඇන්ටන් සෙබස්තියන්පිල්ලෙයි 1967 දී ශ්‍රී ලංකාවේ වෛද්‍යවරයකු ලෙස සුදුසුකම් ලබා පසුව විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස ලන්ඩන් නුවර රෝහලක දීර්ඝ කාලයක් සේවයේ නිරත වී තිබේ.

මේ වන විට එක්සත් රාජධානියේ වෛද්‍යවරුන් තිදෙනෙකු ඇතුළු 7,097ක් මියගොස් ඇති අතර, ආසාදිතයන් 60,700කට වැඩි ප්‍රමාණයක් වාර්තා වෙයි.