බ්‍රිතාන්‍යයේ ශ්‍රි ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක කටයුතු භාරව සිටි බ්‍රිගේඩියර් ප්‍රියංකර අතපත්තු අත් අඩංගුවට ගන්නා ලෙස එරට අධිකරණයක් වරෙන්තු නිකුත් කර ඇති වලට ටැමිල් ගාර්ඩියන් වෙබ් අඩවිය වාර්තා කරනවා.

පසුගිය වසරේ පෙබරවාරි මස 04 වනදා බ්‍රිතාන්‍යයේ පිහිටි ශ්‍රි ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට රැස්ව සිටි දමිළ විරෝධතාකරුවන් පිරිසකට හස්ත මුද්‍රාවෙන් තර්ජණය කිරිම ගැන බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දුට එරෙහිව වෙස්ට්මිනිස්ටර් අධිකරණයේ නඩු පවරා ඇත.

ඒ අනුව බ්‍රිතාන්‍ය නිතියට අනුව පොදු රීති පනත උල්ලංඝණය කිරිමේ චෝදනාවට වරදකරු කරමින් වෙස්ට්මිනිස්ටර් අධිකරණය විසින් බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු අත් අඩංගුවට ගැනිමේ නියෝගය අද (21) නිකුත් කර ඇත.