බ්‍රසීලය තුළ කොවිඩ් නයින්ටීන් රෝගීන්ගේ සීඝ්‍ර වැඩිමක් පසුගිය දින 05 තුළ වාර්තා වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පසුගිය දින 05 තුළ බ්‍රසීලයෙන් වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව ලක්ෂයඉක්ම වන බවයි.

ඊයේ (10)  දිනයේ තුළ පමණක් බ්‍රසීලයෙන් කොවිඩ් නයින්ටීන් රෝගීන් 33,100ක් හඳුනා ගෙන තිබේ.

මේ වන විට බ්‍රසීලය තුළ කොවිඩ් නයින්ටීන් රෝගීන් හත් ලක්ෂ 75,184 දෙනෙකු හඳුනා ගෙන ඇති අතර මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 39,797ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඉන්දියාවෙන් ද ඊයේ දිනයේ වාර්තා ගත රෝගීන් සංඛ්‍යාවක් හඳුනා ගෙන තිබේ.

ඊයේ දිනය තුළ පමණක් කොවිඩ් නයින්ටීන් රෝගීන් 12,375 දෙනෙකු හඳුනා ගෙන ඇති අතර ඒ අනුව සමස්ත රෝගීන් සංඛ්‍යාව දෙලක්ෂ 87,155 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.