බ්‍රසීලයේ සාවෝ පවුලෝ නගරයේ පැවති විශේෂ දේවමෙහෙයක් පිලිබඳව විදෙස් මාධය වාර්තා කර තිබුණි.

සාවෝ පවුලෝ දේව මෙහෙය සංවිධානය කර තිබුණේ, ජාත්‍යන්තර හෙද දිනයට සමගාමීවයි.

කොවිඩ් නයින්ටීන් වෛරසයෙන් දෛනික බ්‍රසීලය තුළ මියයන සෞඛ්‍ය අංශ ඇගයීම එහි අපේක්ෂාව විය.

බ්‍රසීල වාර්තා පෙන්වා දෙන්නේ ගතවූ මාසය තුළ පමණක් කොවිඩ් ආසාදනයෙන් බ්‍රසීල හෙදියන් 98දෙනෙක් මියගොස් ඇති බවයි.

එමෙන්ම හෙද සේවකයින් 11 000 දැනටමත් කොවිඩ් ආසාදත බවට පත්ව තිබේ.

එය සැලකෙන්නේ අමෙරිකාවේ සෞථ්‍ය අංශ මුහුනදී ඇති අවදානමද ඉක්මවා යාමක් ලෙසයි.

හෙද සේවකයින් සදහා ප්‍රමාණවත් ආරක්ෂිත උපකරණ නොමැතිවීම හේතුවෙන් මේ තත්ත්වය මතුව ඇතැයි විදෙස් වාර්තා පෙන්වා දෙයි.

කොවිඩ් හේතවෙන් බ්‍රසීල වැසියන් 1 90 000කට  ආසන්න පිරිසක් ආසාදිත වී ඇති අතර මියගිය පිරිස 13 000කට අධිකයි.