දඹුල්ල මාතලේ A 09 ප්‍රධාන මාර්ගයේ නාලන්ද ප්‍රදේශයේදී අද (21 ) දින උදැසන පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් කුඩා දරුවෙකු මියගොස් තවත් විශාල පිරිසක් බරපතල තුවාල ලබා තිබෙනවා.

තුවාලකරුවන් වහාම ළඟම පිහිටි රෝහල් වෙත රැගෙන යාමට කටයුතු කර තිබෙනවා. තුවාල ලැබූ සංඛ්‍යාව මේ වන තෙක් නිශ්චිතව කිව නොහැකි බවයි වාර්තාකරු සඳහන් කළේ.

දඹුල්ල විහාර හන්දිය ප්‍රදේශයේ සිට ශ්‍රී පාද වන්දනා චාරිකාවක් සඳහා යමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් හා මහනුවර සිට මඩකලපුව යමින් තිබු බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.

අසාධ්‍ය තත්ත්වයේ පසුවූ තුවාලකරුවන් හත්දෙනෙකු මාතලේ දිස්ත්‍රික් මහ රෝහලට මාරුකර යවා ඇති බවයි වාර්තා වුණේ.