චීනයේ ගුයිෂු ප්‍රදේශයේ දී බස් රථයක් ජලාශයකට පෙරළීමෙන් පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් තිබේ.

පාලමක් මතින් ධාවනය වෙමින් තිබූ බස් රථය ජලාශයට පෙරළීගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අනතුරට පත් බස් රථයේ සිටි වැඩි පිරිස විශ්වවිද්‍යාල සිසුන් වන අතර අනතුරින් තවත් 15 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්ය.

මියගිය පිරිස අතර බස් රථයේ රියදුරු ද වන බව වාර්තා වේ.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ ගමන් කළ සංඛ්‍යාව නිශ්චිතව අනාවරණය වී නොමැති අතර අනතුරට ලක් වූ පිරිසක් බේරා ගැනීමට සහන සේවකයින් සමත්වී තිබේ.