මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටින සිසුන් සඳහා පමණක් බස්නාහිර පළාතේ පාසල් 907ක් ජනවාරී 25වනදා සිට ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

බස්නාහිර පළාතේ පාසල් යළි විවෘත කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ඊයේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹි බවයි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පැවසුවේ.

බස්නාහිර පළාතේ සෙසු ශ්‍රේණි සඳහා පාසල් විවෘත කිරීම සම්බනධයෙන් තීරණය ඒ ඒ දිස්ති‍්‍රක්කවල දිසාපතිවරුන්, ප‍්‍රාදේශීය ලේකම්වරුන්, ප‍්‍රාදේශීය සංවර්ධන ආයතන සභාපතිවරු ඇතුලූ සියලූ පාර්ශවවල අදහස් විමසීමෙන් අනතුරුව සිදු කිරීමට, මෙම සාකච්ඡුාවේදී තීරණය වී තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යංශය විසින් ඒ සඳහා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිර්දේශ ලබා ගැනීමෙන් අනතුරුව, සෞඛ්‍ය නිර්දේශ ලැබෙන බස්නාහිර පළාතේ පාසල් පෙබරවාරී මස 15වනදා වන විට ආරම්භ කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවද අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා සඳහන් කළා.