අවශ්‍ය බලතල ලබාදෙන්නේ නම් මහජන උද්ඝෝෂණ සදහා එක්වන පුද්ගලයන්ට කදුළු ගෑස්, ජල ප්‍රහාර මෙන්ම ගම්මිරිස් මිශ්‍ර ජල ප්‍රහාර එල්ල කරන බව මහජන ආරක්‍ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර පවසනවා. තමන් එලෙස ක්‍රියා කරන්නේ මහජන උද්ඝෝෂණ හේතුවෙන් සාමාන්‍ය ජනතාවගේ ජනජීවිතයට එල්ල වන බලපෑම් හේතුවෙන් බවයි අමාත්‍යවරයා සදහන් කළේ.

කෙසේවෙතත් එලෙස ක්‍රියා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉඩ ලබානොදෙන බවයි මහජන ආරක්‍ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර ඊයේ සදහන් කළේ.