බඹරකැලේවත්ත, කැලෑබද ප්‍රදේශයකදී බඹරුන්ගේ දෂ්ට කිරීමකට ලක්වූ දරුවන් සිව් ‌දෙනෙකු ඉන් බේරීමට දිව යාමේදී එක් දරුවෙකු ප්‍රපාතයකින් පහළට ඇද වැටී මියගොස් ඇති බව නුවරඑළිය පොලිසිය පවසයි.

පොලිසිය සඳහන් කළේ, ඔවුන් සිව් දෙනා වයස අවුරුදු 16 පසුවූ ළමයින් පිරිසක් බව ය.

ප්‍රපාතයෙන් ඇද වැටී සිටි දරුවා, පොලිසිය, නුවරඑළිය මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය හා ප්‍රදේශ වාසීන්ගේ සහය ඇතිව කඩිනමින් නුවරඑළිය රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන්පසු ඔහු මිය ගිය බව පොලිසිය සඳහන් කළේ ය.

මිය ගිය දරුවා නුවරඑළිය, බඹරකැලේවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

නුවරඑළිය පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරයි.