පිය-පුතු දෙපළක් පොලිස් පහරදීමකින් මරණයට පත්වීමත් සමගම ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය පුරා පොලීසියට එරෙහිව දැඩි ජනතා විරෝධයක් මතුවෙමින් පවතී.

59 හැවිරිදි පී. ජෙයරාජ් සහ ඔහුගේ පුත්‍රයා වන 31 හැවිරිදි ෆෙනික්ස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ ඔවුන් තම වෙළෙඳසැළ රජයෙන් නියම කළ වේලාව ඉක්මවා විවෘත කර තිබීම හේතුවෙනි.

කොවිඩ් -19 පාලනය සඳහා තමිල්නාඩු ප්‍රාන්තයේ තවමත් සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක වේ.    

එම පිය-පුතු දෙපළ මුළු රාත්‍රිය පුරා පොලීසිය රඳවා ගෙන ඇති අතර දින දෙකකට පසුව ඔවුන් දෙදෙනාම මියගොස් තිබේ.

ඔවුන්ගේ ඥාතීන් පවසන්නේ ජෙයරාජ් සහ ෆෙනික්ස් පොලිස් භාරයේ සිටියදී දරුණු ලෙස පහරකෑමට ලක් ව ඇති බවය.
 
ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන්ට එම පොලිස් ස්ථානයෙන් වෙනත් පොලිස් ස්ථානයකට මාරු කර යවා ඇති අතර ජෙයරාජ් සහ ෆෙනික්ස්ගේ පවුල සඳහා ඉන්දීය රුපියල් මිලියනයක් වන්දි වශයෙන් දී ඇත.