A fabric low poly suicide rope with slipknot placed on the white concrete wall with white space on left. 3D illustration and rendered by program Blender.

කල්මුණේ පොලිස් ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයෙකු වෙඩි තබා ගෙන සියදිවි හානි කරගෙන තිබේ. 

අදාල පොලිස් කොස්තාපල්වරයා පොලිස් ස්ථානයේ කාර්යාලයක් තුළ දී සිය රාජකාරි ගිනි අවියෙන් මෙලෙස වෙඩි තබාගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය. 

සියදිවි හානිකර ගෙන ඇත්තේ රාජ්‍ය බුද්ධි කොට්ඨාසයට අනුයුක්තව රාජකාරි කළ 21 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකු බව සඳහන්. 

සියදිවි හානිකර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් කල්මුණේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.