අනුරාධපුර – පුත්තලම මාර්ගයේ රාජාංගනය 27 හන්දිය ආසන්නයේ දී පොලිස් අණ නොතකා පලාගිය ත්‍රීරෝද රථයකට පොලීසිය විසින් වෙඩි තබා තිබේ.

අදාළ ප්‍රදේශයේ පොලිස් කොට්ඨාශ යතුරුපැදි ඒකකයේ නිලධාරීන් විසින් නොච්චියාගම සිට රාජාංගනය දෙසට ගමන් කළ ත්‍රීරෝද රථයකට නැවැත්වීමට සංඥා කර තිබුණි.

එම අවස්ථාවේ දී ත්‍රීරෝද රථය අණ නොතකා ධාවනය කර ඇති අතර එහිදී පොලීසිය විසින් ත්‍රීරෝද රථයට වෙඩි තබා තිබේ.

වෙඩි ප්‍රහාර මධ්‍යයේ ත්‍රීරෝ රථය පලාගොස් ඇති අතර අනතුරුව ත්‍රීරෝද රථය ප්‍රදේශයේ අතුරු මාර්ගයක තිබී පොලිසිය විසින් සොයාගෙන ඇති ඇත.

එය පරීක්ෂා කිරීමේදී එහි කිසිදු පුද්ගලයෙකු නොසිටි බව පොලීසිය පවසයි.

ත්‍රීරෝද රථයේ සිටි පුද්ගලයින් කිසියම් අපරාධයක් සිදුකිරීමට හෝ අපරාධයක් සිදුකර පලායමින් සිටි  පුද්ගලයින් ද යන්න සම්බන්ධයෙන් පොලීසිය මේ වන විට විමර්ශන ආරම්භ කර තිබේ.