පොලිස්පති පූජිත් ජයසුන්දර අද (14) දිනයේ රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතයි. ඒ, නාමල් කුමාර නමැත්තා හෙළි කළ ප‍්‍රභූ ඝාතන කුමන්ත‍්‍රණයට අදාළව සිදු කෙරෙන පරීක්‍ෂණ සඳහායි.

පොලිස්පතිවරයාගෙන් කටහඩ සාම්පලයක් ලබාගැනීමට අද දිනයේ මෙම කැඳවීම සිදුකර ඇති බව රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආරියනන්ද වැලිඅංග පැවසුවා.

ප‍්‍රභූ ඝාතන කුමන්ත‍්‍රණයක් ඇතැයි තොරතුරු හෙළි කළ නාමල් කුමාර නැමැත්තා පොලිස්පතිවරයා සම්බන්ධයෙන් විවිධ කරුණු හෙළි කර තිබුණා. මීට පෙර නාමල් කුමාර නැමැත්තාගෙන් සහ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගේ කටහඬ සාම්පල ලබා ගැනීමටයි රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව කටයුතු කළේ.