වත්තල, හුණුපිටිය ප්‍රදේශයේ පොලිතීන් කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබේ.

මීට ටික වේලාවකට පෙර ගින්න හටගෙන ඇති බව වාර්තා වෙයි.

ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන ඒකකයේ නිලධාරීන් සහ පොලීසිය එක්ව මේ වන විට කටයුතු කරමින් සිටින බව සඳහන් වේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර කිරිබත්ගොඩ පොලීසිය මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරමින් පවතියි.