Closeup video: Axe with blood in hand on the dark background. Drops of blood flow down the blade of an ax. Murderer or butcher, halloween theme

බකමූණ පොලිස් වසමට අයත් අත්තනකඩවල අක්කර 50 ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් පොරොවකින් පහර දී සිය පියා ඝාතනය කර ඇත.

සැකකරු පසුව ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහු සොයා පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.

සැකකරු විසින් සිය පියාට පොරවකින් පහරදී බරපතළ තුවාල සිදු කර ඇති අතර පසුගිය 30 වන දින මධ්‍යම රාත්‍රියේ ඔහු බකමූණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දඹුල්ල රෝහලට මාරු කර යැවීමේදී මියගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ බකමූණ අත්තනකඩවල අක්කර 50 පදිංචි වත්තේගෙදර විජේසිංහ බංඩා නම්53 හැවිරිසි හය දරු පියෙකි.

මියගිය විජේසිංහ බණ්ඩා යන අයගේ බිරිඳ පොලීසියට පවසා ඇත්තේ දිනපතාම තම සැමියා බීමතින් පැමිණ තමාට සහ දරුවන් හය දෙනාට ද පහර දෙන බවය.

30 දින රාත්‍රියේ ද අධික බීමතින් පැමිණි සැමියා තමාට සහ දියණියට පුතාට පහර දී නිවසෙන් පන්නා දැමීමට උත්සාහ කළ බව ද ඇය පොලීසියට පවසා ඇත.

පසුව තම සැමියා ඇඳේ නිදාගෙන සිටියදී දරුවන් හය දෙනෙකුගෙන් යුත් පවුලේ දෙවැනි දරුවා තම සැමියාට පහර දී පළා ගිය බව ඇය පොලීසියට පවසා තිබේ.

තම පියා ඝාතනය කළ 26 හැවිරිදි පුතා ප්‍රදේශයෙන් පලා ගොස් තිබෙන බවත් එම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ප්‍රදේශවාසීන්ගේ ද සහාය ඇතිව පොලිස් කණ්ඩායමක් ප්‍රදේශය පුරා සෝදිසි යක නිරතවන බව බකමූණ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක යු.කේ.ඩී.බි. තෙන්නකෝන් මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් බකමූණ පොලිසිය පරීක්ෂණ පවත්වයි.