ශ්‍රී ලංකාවේ හමුදා යුද සමය තුළ පොකුරු බෝම්බ භාවිත කළ බවට කිසිදු සාක්ෂියක් නොමැති බවත් හමුදාවට එල්ලවන චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

රසායනික අවි සම්මුතිය පිළිබඳ (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම සඳහා පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා අද (09දා) මේ බව පැවසීය .

රසායනික අවි භාවිතය තහනම් කිරීමට මුළු ලෝකයම එකගවී ඇති බවත් ඒ වෙනුවෙන් සියළු දෙනාම එක්විය යුතු බවත් රුවන් විජයවර්ධන මහතා පැවසීය. එමෙන්ම ශ්‍රී ලංකාවේ යුද හමුදාව සම්බන්ධයෙන් පවසන චෝදනා ද ප්‍රතික්ශේප කරන බවද ඔහු පැවැසීය.