ශ්‍රී ලංකාව ආසන්නයේ නැංගුරම්ලා තිබු පෙට්ට්‍රල් නෞකාවටඊයේ රාත්‍රියේ මුදල් ගෙවීම් සිදුකළ බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කර සිටිනවා.

එම නෞකාවෙන් ඉන්ධන ගොඩබෑම අද රාත්‍රියේ ආරම්භ කරන බව අමාත්‍ය කාංචන විජේසේකර සඳහන්කර සිටිනවා.

එම නෞකාවෙන් ගොඩබානු ලබන පෙට්ට්‍රල් තොග දිවයිනේ පිහිටි සියලුම ඉන්ධන පිරවුම්හල් වෙත ළඟා වීමට තවත් දින 02ක් ගතවන බවයි අමාත්‍යවරයා කියා සිටියේ. 

මේ හේතුවෙන් පෙට්ට්‍රල් ලබා ගැනීම සඳහා පිරවුම්හල් අසල රැඳී නොසිටින ලෙස මහජනතාව ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින බවයි අමාත්‍යවරයා කියා සිටියේ.