වැලිමඩ වසමේ පීල්ලකඩේ, මල්පොත ප්‍රදේශයේ පිහිටි ළිඳකට වැටී පුද්ගලයෙක් මියගොස් තිබේ.

119 මධ්‍යස්ථානයට ලද තොරතුරකට අනුව වැලිමඩ පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 45 ක් වු මල්පොත, මීරහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම මියගිය පුද්ගලයා දහවල් කාලයේ දී තවත් අයෙකු සමඟ මත්පැන් පානය කිරීමෙන් අනතුරුව සිද්ධිය වු මාර්ගයේ ගමන් කර ඇති බවට ද තොරතුරු අනාවරණය වී ඇත.

ළිඳට වැටී සිටි පුද්ගලයා පොලීසිය, ප්‍රදේශවාසීන් සමග එක්ව ගොඩට ගෙන මීරහවත්ත ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිට ඇත.

මෘත ශරීරය මීරහවත්ත රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

වැලිමඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.