පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන කාර්යාලය සහ අනෙකුත් සියලූ ප‍්‍රාදේශීය කාර්යාල අද (07 වැනිදා) සිට දින තුනක් තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇත.
 
 ඒ අනුව අද (07 වැනිදා), හෙට (08 වැනිදා) සහ අනිද්දා (09 වැනිදා) යන දින තුන තම දෙපාර්තමේන්තුවට අයත් සියලූ කාර්යාල වසා තැබෙන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා ඊයේ (06 වැනිදා) පැවසීය.
 
 එක්දින සේවා ඇතුළු අනෙකුත් සියලූ සේවා මේ අනුව තාවකාලිකව අත්හිටුවා ඇති බවත් හෙතෙම කියා සිටියේය.
 
 රට තුළ මතුව ඇති කොරෝනා වසංගත තත්ත්වය මත මෙම තීරණය ගත් බව පැවසූ කොමසාරිස් ජනරාල්වරයා ඉදිරි තත්ත්වය සැලකිල්ලට ගෙන දෙපාර්තමේන්තුව ලබන සඳුදා (12 වැනිදා) විවෘත කරන්නේද යන්න තීරණය කරන බවද පැවසීය.