2036 වසර දක්වා රුසියාව තුළ ජනාධිපතිවරයා ලෙස ව්ලැද්මීර් පුටින්ට රැඳී සිටිය හැකි වන පරිදි වූ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයට ජනතා අනුමැතිය හිමිව තිබේ.

රුසියානු මැතිවරණ කොමිසම ඊයේ (01) දිනයේ ප්‍රකාශ කර ඇත්තේ මේ වන විට ප්‍රකාශ කර ඇති ඡන්ද ප්‍රතිඵලවලට අනුව සියයට 77කට ආසන්න ප්‍රතිශතයක් රුසියානු ජනාධිපතිවරයාට පක්ෂව හිමිව ඇති බවය.

පසුගිය සතිය පුරා මෙම ඡන්ද විමසීම පැවති අතර එහිදී සියයට 64කට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර ඇති බව සඳහන්.

කෙසේවෙතත් රුසියානු විපක්ෂය පවසන්නේ රුසියානු ජනාධිපතිවරයා මියයන තුරු බලයේ රැඳී සිටිම මෙම ව්‍යාවස්ථා සංශෝධනයේ අරමුණ බවය.