ඊයේ (21) දිනයේදී PCR පරීක්ෂණ 600 කට ආසන්න ප්‍රමාණයක් සිදුකල බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටිනවා.

විශේෂයෙන්ම ඛේත්තාරාම ක්‍රීඩාංගනය අසල පිහිටි ප්‍රදේශය, ඉකුත් දා බොරලැස්ගමුවෙන් වාර්තා වූ කොරෝනා ආසාධිත පුද්ගලයා ආ ගිය කොට්ටාව ප්‍රදේශයේ පිහිටි පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලයෙන් ඊයේ දිනයේදී PCR පරීක්ෂණ සිදුකළ බවට ඔහු කියා සිටියා.

එම පරීක්ෂණවල වාර්තා බොහොමයක ප්‍රථිපල අද දිනයේදී ලැබීමට නියමිත බවද මෙහිදී සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කර සිටියා.

මේ අතර පිළියන්දල ප්‍රදේශයෙන් පෙරේදා වාර්තා වූ කොරෝනා ආසාධිත රෝගියා මාළු මිලදී ගැනීම සඳහා ගිය පෑලියගොඩ තොග මාළු වෙළද සංකීර්ණයේ ව්‍යාපාරිකයින් 350 කට ආසන්න පිරිසකට අද (22) දිනයේදී PCR පරික්ෂණයන් සිදුකිරිමට නියමිතව ඇත.