මෙවර සිංහල හා දෙමළ අලූත් අවුරුදු නැකැත් සීට්ටුවට අනුව පැළ සිටුවීමේ නැකත අදට යෙදී තිබෙනවා. චිරාගත සම්ප‍්‍රදායට අනුව මෙවැනි නැකත් චාරිත‍්‍රයක් පැරැන්ණන් විසින් ඉටුකරනු ලැබුවද පසුව එය මෙරට ජන සමාජයෙන් ඈත්ව ගිය බවයි ජනශ‍්‍රැතිවේදී මහින්ද කුමාර දළුපත නෙත් නිවුස් වෙත කියාසිටියේ. 

ඒ අනුව මෙවර නැකැත් සීට්ටුවට අනුව පැළ සිටුවීමේ නැකත අද (19) පෙරවරු 11.38 ට යෙදී තිබෙන්නේ පරිසරයේ වැදගත්කම හා පරිසරයට ආදරය කිරීමේ වැදගත්කම කොරෝනා වෛරසයත් සමග වෙනදාටත් වඩා ජනතාවට දැනෙමින් ඇති මොහොතකයි.

මේ අතර අභිමානවත් තාරුණ්‍යයේ සෞභාග්‍යමත් හෙටක් තේමාකරගනිමින් ඇරඹෙන ‘‘අපේ ගෙවත්ත ” දිප ව්‍යාප්තව ක‍්‍රියාත්මක කිරීම අද (19) ආරම්භ කරන බව ජාතික තරුණ සේවා සභාව පවසනවා. එහි සභාපති අධ්‍යක්ෂ ජනරාල් තෙෂාර ජයසිංහ මේ බව සඳහන් කළා.