නව ඡන්ද ක්‍රමයේ ගැටලුව විසඳාගෙන මැතිවරණය පැවැත්වීමට තවත් කාලයක් ගතවන නිසා පැරණි ක්‍රමයට ඡන්දය පැවැත්වීමට කටයුතු කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

සීමානිර්ණ වාර්තාව ගැසට් කිරීමට කටයුතු කළද පනතේ පවතික තාක්ෂණික දෝෂ හා විසඳීමට කටයුතු කර නොමැති බවත්, එම ගැටලු විසඳීමට විශාල කාලයක් ගතවන බවද එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

මීට අමතරව සභික ප්‍රමාණය සංස්ථාපනය කිරීමේ ගැසට් නිවේදනය කාන්තා නියෝජනය ගැසට් කිරීමට තිබෙන බවත්, මෙම කටයුතුවලට අතිවිශාල කාලයක් ගතවන බවත් අද (19දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී හෙතෙම සඳහන් කළේය. පළාත් පාලන ආයතන මහජන නියෝජිතයන්ගේ නිලකාලය අවසන්වී වසර දෙකකට අධික කාලයක් ගතවී තිබෙන බවද ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.