බත්තරමුල්ල දියත උයන පාර්ලිමේන්තු වටරවුම අසල ඇලේ තිබී පුද්ගල මළ සිරුරක් හමුව තිබෙනවා.

මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් හඳුනාගෙන නොමැති අතර මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

පොලිසිය පැවසුවේ සිද්ධිය ගැන විමර්ෂණය කිරිමට පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.