පානදුර සමගි මාවත ප්‍රදේශයේ තීන්ත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් එය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.

පානදුර උතුර සමගි මාවත ප්‍රදේශයේ පිහිටි තීන්ත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ඊයේ (29) රාත්‍රියේ ගින්න හටගෙන තිබුණි.

මොරටුව මහනගර සභාවේ ගිනි නිවීම් ඒකකය මගින් ගින්න මැඩපවත්වා තිබේ.

ගින්නෙන් කිසිඳු පුද්ගලයෙකුට හානියක් සිදුවී නොමැති බවද වාර්තා වෙයි.

ගින්නෙන් සිදුවූ හානිය පිළිබඳ මෙතෙක් තක්සේරු කර නොමැති අතර ගින්නට හේතුව සොයා විමර්ශන සිදුකරයි.