රාජගිරිය ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ අද නඩු පවරනු ලැබුවා.

එම රිය අනතුර සිදුකළ වරදකරු වසන් කිරීමට තැත් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ද නීතිපතිවරයා විසින් එවකට වැලිකඩ පොලිසියේ හිටපු ප්‍රධාන පොලිස් පරීක්ෂක වත්මන් සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩලට සහ හිටපු අමාත්‍ය පාඨලී චම්පිකට එරෙහිව නීතිපති දප්පුල ද ලිවේරා කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබුවා.

2016 වර්ෂයේ පෙබරවාරි මස 28 වෙනිදා රාජගිරිය ප්‍රදේශයේ දී සිදුවූ මෙම රිය අනතුර සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදා හරිනු ලැබුවා