201885.3

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කර ක්‍රයිස්චර්ච්හිදී පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 08 ක ජයක් ලැබීමට නවසීලන්ත කණ්ඩායම මීට සුළු වේලාවකට පෙර සමත්විය. ශ්‍රී ලංකා කණ්ඩායමෙන් එල්ලවූ ලකුණු 105 ක ඉලක්කය පන්දුවාර 30.4 ක් පමණක් වැයකරමින් පසුකර යාමට නවසීලන්ත කණ්ඩායම සමත්විය.

මෙම ජයග්‍රහණයත් සමඟ තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට ඔවුන්ට හැකිවිය.

පසුගිය සිකුරාදා (26දා) ආරම්භ වූ මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 85.5 කදී සියල්ලන් දැවී ලකුණු 441 රැස්කිරීමට සමත්විය. එයට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවාර 42.4 ක් අවසානයේ සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 138 ක් පමණි. ඒ අනුව ලකුණු 303 ක් පසුපසින් නැවතත් දෙවැනි ඉනිම ආරම්භ කිරීමට ශ්‍රී ලංකාවට සිදුවිය.

කෙසේ නමුත් දෙවැනි ඉනිමේදී ශ්‍රී ලංකා කණ්ඩායමට නවසීලන්ත පළමු ඉනිමට වඩා රැස්කිරීමට හැකිවූයේ ලකුණු 104 ක් පමණි. ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ලකුණු 407ක සීමා විය. ඒ අනුව නවසීලන්ත කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 105 ක ඉලක්කයක් හිමිවිය.