දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

මේ හේතුවෙන් නුවරඑළිය, රත්නපුර, කෑගල්ල, ගාල්ල සහ මාතර යන දිස්ති‍්‍රක්කවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 200 ට වැඩි ඉතා තද වැසි අපේක්ෂා කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. 

දිවයින හරහා සුළගේ වේගය ද විටින් විට පැයට කිලෝ මීටර් 50 ත් 60 ත් අතර දක්වා වැඩිවිය හැකියි.
 
අද පෙරවරු 07 න් අවසන් වූ ගත වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය රත්නපුර ප‍්‍රදේශයෙන් වාර්තා වනවා. එහි අගය සටහන් වන්නේ මිලිමීටර් 193.3 ක් ලෙසයි. රත්නපුර දිස්ති‍්‍රක්කයේ කිරිඇල්ල ප‍්‍රදේශයෙන් මිලි මීටර් 179 ක වර්ෂාපතනයක් වාර්තා වනවා.

ගාල්ල දිස්ති‍්‍රක්කයේ නෙළුව ප‍්‍රදේශයට මිලි මීටර් 168. 5 ක වර්ෂාපතනයක් ලැබී තිබුණා. පවතින තත්ත්වයත් සමග තවදුරටත් ධීවර සහ නාවික කටයුතුවලින් වළකින ලෙසයි  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධිවර සහ නාවික ප‍්‍රජාවට දැනුම් දෙන්නේ.