එක්සත් ජාතික පක්ෂය බියවන්නේ නීත්‍යානුකූල නොවන මැතිවරණයකට බව එහි නියෝජ්‍ය නායක හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර සජිත් පේ‍්‍රමදාස පවසනවා. ඔහු ඒ බව පැවසුවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් විභාගයට ගන්නා අවස්ථාව සඳහා අද (12) ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණි අවස්ථාවේදීයි.

ව්‍යවස්ථානුකුලව පවත්වන සියළුම මැතිවරණ වලට මුහුණ දීමට බියක් නොමැති බවත් නිත්‍යානුකුල නොවන අයුරින් පවත්වනු ලබන මැතිවරණ ගැන බියක් ඇති බවයි මෙහිදී සජිත් ප්‍රේමදාස හිටපු මන්ත්‍රිවරයා කියා සිටියේ.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සඳහා තමන්ගේ නම යෝජනා වී තිබීම සම්බන්ධයෙන් ද සජිත් පේ‍්‍රමදාස හිටපු මන්තී‍්‍රවරයා මෙහිදී ප‍්‍රතිචාර දැක්වුවා.

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත් දවසේ සිට ඕනෑම දේකට තමන් සුදානම් බවත් මේ දක්වා පැවති සෑම මැතිවරණයකදීම සිය උපරිම පක්ෂය වෙනුවෙන් ලබාදුන් බව ප්‍රකාශ කළ හිටපු මන්ත්‍රිවරයා යම් දෙයක් සිදුකිරීමේදී කැලැ නීතියට අනුව නොව පක්ෂයේ නායකයාගේ සිට සියලුම දෙනාගේ ආශිර්වාදයෙන් ඒ දේ සිදුකළ යුතු බව කියා සිටියා.

පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයක් කැඳවමින් ජනාධිපතිවරයා ගත් තීන්දුව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය සාධාරණ නියෝගයක් ලබා දෙනු ඇතැයි එක්සත් ජාතික පක්ෂය විශ්වාස කරන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.