කොවිඞ්-19 වසංගතයේ ප‍්‍රතිවිපාක ජයගැනීමට බහුපාර්ශවීය ප‍්‍රයත්නයන්ට පූර්ණ සහය ලබාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ නොබැඳි ජාතීන්ගේ සමුළුව අමතමින්. නොබැඳි ව්‍යාපාරයේ සබඳතා සමූහයේ මාර්ගගත වීඩියෝ සම්මන්ත‍්‍රණය අමතමින් ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

මෙම වීඩියෝ සම්මන්ත‍්‍රණය වත්මන් නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරයේ සභාපති, අසර්බයිජානයේ ජනාධිපති ඊලම් අලියෙව්ගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (04) පැවැත්වුණා. ජනාධිපතිවරුන් 19 දෙනෙකු, උප ජනාධිපතිවරයෙකු, අග‍්‍රාමාත්‍යවරුන් 06 දෙනෙකු සහ විදේශ අමාත්‍යවරුන් 08 දෙනෙකු ඇතුළු රටවල් 40 ක නියෝජිතයින් ඊයේ මෙම වීඩියෝ සම්මන්ත‍්‍රණය ඇමතූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම සම්මන්ත‍්‍රණය අමතනු ලැබුවේ මෙරට වේලාවෙන් රාතී‍්‍ර 07:09 ට පමණයි. 17 වන දේශකයා ලෙස ජනාධිපතිවරයා එම සම්මන්ත‍්‍රණය අමතමින් කියා සිටියේ කොවිඞ්-19 වසංගතය පරාජය කිරීම සඳහා එකිනෙකා සතු අත්දැකීම් සහ හැකියාවන් මෙන්ම උගත් පාඩම් බෙදාගැනීමට සාමූහික ගෝලීය කි‍්‍රයාමාර්ගයක් වෙනුවෙන් නොබැඳි ජාතීන්ගේ සමුළුව වැදගත් වේදිකාවක් බවයි.

මෙම වසංගතය මර්ධනයට පෙරමුණ ගෙන සේවය කරන සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ සහ වෙනත් අත්‍යවශ්‍ය සේවක පිරිස් දක්වන කැපවීම සහ පරිත්‍යාගශීලී ගුණය ද මෙහිදී ජනාධිපතිවරයාගේ ප‍්‍රසාදයට ලක්වුණා. මෙම වසංගතය පාලනය කිරීමටත්, ක‍්‍රමයෙන් තුරන් කිරීමට ශ‍්‍රී ලංකාව සමත්ව සිටිනවා. මෙරට සිදු කෙරුණු ඵ්Cර්‍ පරීක්ෂණවලින් කොරෝනා ආසාදිතයින් බවට තහවුරු වී ඇත්තේ සියයට 03 ක ප‍්‍රතිශතයක් පමණයි.

එමෙන්ම මෙරට කොරෝනා මරණ අනුපාතය සියයට 0.9 යි 7 ක් බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නොබැඳි ජාතීන්ගේ සමුළුව අමතමින් ප‍්‍රකාශ කර ඇත්තේ.

ති‍්‍රවිධ හමුදාව විසින් නිරෝධායන මධ්‍යස්ථාන පවත්වාගෙන යාම, රෝගීන් හඳුනා ගැනීමට රාජ්‍ය බුද්ධි අංශය යෙදවීම, කොරෝනා ආසාදිතයින් ඇසුරු කළ පිරිස් හඳුනාගැනීමට පොලීසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් යෙදවීම මෙම වෛරසයේ පාලනයට බෙහෙවින් ඉවහල්වූ බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.

මෙම වසංගතය හේතුවෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල් පෙර නොවූ විරූ පරිමාණයේ ආර්ථීක හා ණය අර්බුදයකට ගොදුරු වී ඇති බව කණස්සල්ලෙන් යුතුව සඳහන් කළ යුතුයි. අවධානමට මුහුණ පා ඇති රටවලට ණය සහන සේවා සහ වඩා පුළුල් මූල්‍ය ප‍්‍රතිපාදන සපයන ලෙස අන්තර්ජාතික මූල්‍ය ආයතන සහ ආධාර සපයන රටවල් වෙත ගෝලීය ආයෝජනයක් කළ යුතු බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කළේ. ඒ සඳහා ශ‍්‍රී ලංකාව ද එක්වන බව ජනාධිපතිවරයා මෙහිදී ප‍්‍රකාශ කළා.

කොවිඞ්-19 වසංගතය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවට ඇති අත්දැකීම් සහ එය පාලනය කිරීමේදී ලබාගත් ජයග‍්‍රහණ සාමාජික ජාතීන් සමග බෙදාගැනීමට ශ‍්‍රී ලංකාව අපේක්ෂා කරන බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නොබැඳි ජාතීන්ගේ සමුළුව අමතමින් වැඩිදුරටත් අවධාරණය කළේ