නීති විරෝධි ධීවර ආම්පන්න යොදා ගනිමින් ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 13 දෙනෙකු නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ත්‍රිකුණාමලය මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදුකළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව සඳහන් කළේය.

එහිදී මසුන් කිලෝග්‍රෑම් 10 ක තොගයක් සහ තවත් ධීවර ආම්පන්න තොගයක් ද නාවික හමුදාව භාරයට ගෙන තිබේ.

 සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා ත්‍රිකුණාමලය සහකාර ධීවර අධ්‍යක්ෂ කාර්යාලය සහ කුච්චවේලී ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදුන් බවයි නාවික හමුදාව පැවසුවේය.