මැදගම, තිත්තවැල්ල ප්‍රදේශයේදී නීති විරෝධි ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසියට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

එහිදී සැකකරු සතුව තිබී විදෙස් රටක නිෂ්පාදික බෝර 12 වර්ගයේ ගිනි අවියක් සහ එම පතුරමක් පොලිසිය විසින් සොයාගෙන ඇත.

සැකකරු 40 හැවිරිදි මැදගම, කොටබෝව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකරු අද බිබිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.