ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති යූ.ආර්. ද සිල්වා මහතා එම ධූරයෙන් ඉවත් කිරීමට අදාළළ විශේෂ මහා සභා රැස්වීමක් කැඳවන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සාමාජිකයන් පිරිසක් ඉල්ලා තිබේ.

එහි සාමාජිකයන් කිහිපදෙනෙකුගේ අත්සන් සහතිව එම සංගමයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමුකරමින් ඔහු මේ බව ඉල්ලා සිටියි.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගත් තීන්දු තීරණ සාධාරණීකරණය කරමින් ප්‍රසිද්ධ මාධ්‍ය ඉදිරියේ කළ ප්‍රකාශ සඳහා විරෝධය පළකරමින් ඔහුව එම ධූරයෙන් ඉවත් කිරිමට අදාළව මෙම විශේෂ මහා සභා රැස්වීම ඉල්ලා තිබේ.