වව්නියාව පම්පමඩුව යුද හමුදා කඳවුරට අයත් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වු පුද්ගලයින් 129 දෙනෙකු සිය නිරෝධායන කටයුතු අවසන් කොට නිවෙස් බලා පිටත්ව ගොස් ඇත.

වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් රෝහිත ධර්මසිරි මහතාගේ අධීක්ෂණය යටතේ පැවැති මෙම කඳවුරේ නිරෝධායනය අවසන් කළ පිරිස් වෙත නිරෝධායන සහතික ලබාදීමේ වැඩසටහනකින් අනතුරුව අදාළ කණ්ඩායම නිවෙස් වෙත පිටත් කෙරිණ.

තණමල්විල, නාවලපිටිය, කොළඹ, අවිස්සාවේල්ල ආදි ප්‍රදේශවල පදිංචි පිරිසක් නිරෝධායන ක්‍රියාවලිය නිමකොට නැවත නිවෙස් වෙත ගමන් කිරීම එහිදි සිදු කෙරිණ.