දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් ඉදිරි දින කිහිපයේ දී අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

වයඹ, බස්නාහිර, සබරගමුය සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙයි.

බස්නාහිර, වයඹ සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර 50 ට වැඩි තරමක තද වැසි ඇති වෙයි.

ඌව පළාතෙත් අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක සවස 2 න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙයි.

උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර 40-50 ත් අතර වැඩි වෙයි.

ගිඟුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං ද ඇති වෙයි.