කොරෝනා වෛරසය ආසාදිතයින් විශාල පිරිසක් වාර්තා වූ කොළඹ කෙසෙල්වත්ත ප‍්‍රදේශයේ සැරිසැරූ බව කියන කොළඹ මැගසින් බන්ධනාගාරයේ නියාමකවරයෙකු කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්දැයි සිදු කෙරෙන පරීක්ෂණයකට යොමු කරන ලෙස උපදෙස් ලබා දී තිබෙනවා.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් කෙසෙල්වත්ත ප‍්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වෙත දැනුම් දී ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. අදාළ බන්ධනාගාර නියාමකවරයා මීට දින කිහිපයකට පෙර කෙසෙල්වත්ත ප‍්‍රදේශයේ සැරිසරා ඇති බව වාර්තා වී තිබෙනවා.

එම පුද්ගලයා මීට දින 02 කට පෙර බන්ධනාගාර බැරැුක්ක වෙත පැමිණ ඇති බවට ද තොරතුරු වාර්තා වන බවයි බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණ කළේ.