මහ බැංකු බැදුම්කර ගණුදෙනුවෙන් නීතිවිරෝධීව උපයාගත් මුදලක්වේ නම් එය රාජසන්තක කිරීමට අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ඒ පිළිබද ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ අවධානයට යොමු කළ බවත් ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කරමින් සිටින බවත් අමාත්‍යවරයා කියාසිටියා.

මහ බැංකු බැදුම්කර නිකුතුව සම්බන්ධයෙන් කෝප් කමිටුව සකස් කළ වාර්තාව පිළිබද ඊයේ (24) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

මහ බැංකුවේ සිටින නිලධාරීන් කිහිප දෙනෙකු රටේ ආර්ථිකය කඩාකප්පල් කිරීමට උත්සාහ දරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසනවා . එම නිලධාරින්ගේ නම් ඉදිරියේදී හෙළිදරව් කරන බවද මුදල් අමාත්‍යවරයා සදහන් කළා.

ඒ පාර්ලිමේන්තුවෙදී ඊයේ (24) මහ බැංකු බැදුම්කර නිකුතුව සම්බන්ධයෙන් කෝප් කමිටුව සකස් කළ වාර්තාව පිළිබදව පැවති විවාදයට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.