කොවිඩ් – 19 වෛරසය ආසාධනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා සාමාජිකයින් සිව් දෙනෙක් වෛරසය ශරීර තුළ නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මඟින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව පිටව ගොස් තිබේ.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත නාවිකයින් ගණන 790ක් දක්වා ඉහළ ගොස් ඇත.

මෙම නාවික පුද්ගලයින් සියලු දෙනාම කොවිඩ් – 19 වෛරසය ආසාධනය වීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා රෝහල් වෙත යොමු කර සිටි අයයි.

රෝහල් වෙතින් පිටත්ව ගියද මෙම සියලුම නාවික පුද්ගලයින් සෞඛ්‍ය උපදෙස් මත තවදුරටත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කර ඇත.

කොවිඩ් නයින්ටීන් ආසාදිත නාවික හමුදා සාමාජිකයින් 901 දෙනාගෙන් 790 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති අතර තවත් නාවික සාමාජිකයින් 111 ක් ප්‍රතිකාර ලබන බවද නාවික හමුදාව පවසයි.