Skip to content
එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.
ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අද පෙරවරු 9ට පැමිණෙන ලෙසට ඔහුට කළ දැනුම්දීමකට අනූව මන්ත්‍රීවරයා පැමිණ ඇත.
පසුගියදා අඟුණකොළපැලැස්සේ පැවැති රැස්වීමකට නාමල් රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නිලධාරියෙකු බව පැවසෙන අයෙකු ගිනි අවියක් ඇතැතිව ඇතුළුවීම ගැන ප්‍රශ්න කිරීම සඳහා මෙම කැඳවීම සිදුකර ඇතැයි සඳහන්ය.
කෙසේ වුවද එම සිද්ධියේදී අදාළ ආරක්ෂක නිලධාරියා අත තිබුණේ ගිනි අවියක් නොව වතුර බෝතලයක් යැයි මන්ත්‍රීවරයා පවසා තිබූ බවද මාධ්‍ය වාර්තා කළ අතරම පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සිටියේ එය වතුර බෝතලයක් නොව ගිනි අවියක් බවයි.