සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්ව තිබේ.

මන්ත්‍රීවරයා සිය ට්විටර් ගිණුමෙන් මේ බව තහවුරු කළේය. එසේම ඉදිරියේ එන මැතිවරණ සියල්ල සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ පුළුල් පෙරමුණකින් තරග කරන බවත් ඔහු සඳහන් කරයි