පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ සහ ඩී වී චානක සහ ප්‍රසන්න රණවීර ඇතුළු 6ක් මීට සුළු වේලාවකට පෙර  හම්බන්තොට පොලිසිය මගින් අඩංගුවට ගෙන තිබෙනවා.

අධිකරණ නියෝගය නොතකා පසුගියදා හම්බන්තොට ප්‍රදේශයේ විරෝධතා ව්‍යාපාරයක නිරත වීම හේතුවෙන් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

කෙසේ වෙතත් පසුගියදා හමිබන්තොට පැවති විරෝධතා ව්‍යාපාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ සහ ඩී වී චානක ඇතුළු පිරිසකට හමුබන්තොට පොලිසිය හමුවේ පෙනි සිටින ලෙස පසුගියදා දන්වා තිබුණා.