ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාවේ දියුණුව උදෙසා ක්‍රිස් ලංකා පුද්ගලික සමාගම ලබා දුන් රුපියල් මිලියන 70ක මුදලක් සාපරාධි ලෙස පරිහරනය කළැයි කියන සිද්ධියක් සම්බන්දයෙන් හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව සිදු කරන විමර්ශනවල උදෘත නීති උපදෙස් ලබා ගැනීමට නීතිපතිවරයා වෙත යොමු කර ඇති බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරනයට දැනුම් දී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් කඩිනමින් වාර්තා කරන ලෙසට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක නීතිපතිවරයාට සිහිකැඳවීමක් නිකුත් කරුණු ලැබුවා.

කොළඹ කොටුව ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ඩ් චතුරස්‍රය අක්කර 4.3ක් බදු දීමේදී ඉන්දියානු ක්‍රිෂ් සමාගම විසින් රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමට ලබා දුන් මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ සිදු කෙරුණා.

නඩුව යළි ලබන වසරේ මැයි මස 06 වැනිදා කැඳවීමට නියමිතයි.