අතරමග නතර වූ ගම්පෙරළිය වැඩසටහන යළි ආරම්භ කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ, ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය අද රැස් වූ අවස්ථාවේදීයි. අමාත්‍ය මනෝ ගනේෂන් කියා සිටියේ සිය විෂය පථයන් සම්බන්ධයෙන් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ඉකුත්දා සිදු කර තිබූ ප‍්‍රකාශයන් පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වූ බවයි. ඉදිරියේදී එම ගැටළුවට විසදුමක් ලබාදීමට ජනාධිපතිවරයා පොරොන්දු වූ බවද අමාත්‍ය මනෝ ගනේෂන් කියා සිටියා. ජනාධිපති කාර්යාලයේ දී අද (02) මෙලෙස රැස් වුණේ නව වසරේ පළමු කැබිනට් මණ්ඩල රැස්වීමයි.